Do It Yourself – Tutorials – Programmer's Diary: E03 (Create Your Own Web / Blog Template)

by | Jul 27, 2020 | 0 comments

Do It Yourself – Tutorials – Programmer's Diary: E03 (Create Your Own Web / Blog Template)

by | Jul 27, 2020 | Do It Yourself - Build Your Own Website | 0 comments

Do It Yourself – Website Tutorials



HTML Video Series : https://www.youtube.com/playlist?list=PLXmIEHZdjq1u6GgzdJPybn4bMKqTnA1J6
HTML PDF Tutorial : https://tinyurl.com/yyw28hmu
CSS PDF Tutorial : https://tinyurl.com/yy9jfxv5
Sample Template : https://sample1234abcs.blogspot.com

Download ICT App: https://play.google.com/store/apps/details?id=com.dnw.brightspot
Download Tutorials : https://bracketslk.blogspot.com

ඉතින් යාලුවනේ මගේ Programmer’s Diary Series එකේ තුන්වෙනි වීඩියෝ එක විදිහට මම ඔයාලට කියලා දෙන්න යන්නේ තමුන්ගේම කියලා Web Template එකක් ලියන විදිහ. මේකට මම HTML, CSS කියන භාෂා තමයි භාවිත කරන්නේ.

අද කාලේ හුඟක්ම වෙබ් අඩවි නිර්මාණය කරන්න හීන දකින අය Bloggerවලට යොමු වෙලා තියෙනවා. ඉතින් Bloggerවල තියෙන එක අවාසියක් තමයි ඒකේ Template එක වෙනස් කරන්න පුලුවන් සීමාවක් තියෙන එක. ඉතින් මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා කෙහොමද Blog එකක Template එක සම්පූර්ණෙන්ම අයින් කරලා අපේම Web Code එකක් ඒකට දාගන්නේ කියලා. Web Template එකක් ලියනවා කියන්නේ එක පාරින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒකට කාලයක් අත්දැකීම් එකතු කරගන්න ඕන.

මම මේ වීඩියෝ එකේදි Internet එකෙන් ගත්තු Web Template Image එකක් බලාගෙන ඒ විදිහේ වෙබ් එකක් Design කරලා පෙන්නනවා. එහෙම කරන්න හේතුව තමයි අපි නිකම්ම Internet එකෙන් ගත්තු Web Template එකක් අපේ Blog එකක්ට හරි Web එකක්ට හරි කොපි කරගන්නවට වඩා, ඒක Coding කරන්න පුලුවන්ද කියලා ටිකක් උත්සාහ කරල බලන්න ඕන නිසා. මොකද ඔයාලා ගාව Web Designing දැනුම තිබුනත් Template එකට අදහසක් හිතේ ඇඳ ගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන්. හොඳම දේ තමයි වෙන Template එකක් බලාගෙන ඒකේ පෙනුම Coding වලින් Design කරන්න උත්සාහ කරන එක. එකෙන් ඔයාලට කෝඩින් ගැන අත්දැකීමක් වගේම, පස්සේ දවසක ඔයාලගේම නිර්මාණයක් කරන්නත් උදව්වක් වෙයි.

– Deshan Nawanjana (Mr.D)

source